වැසි ජලය කෘත්‍රිමව නැවත පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක්

ජන 25, 2020

    වැසි ජලය කෘත්‍රිමව නැවත පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් වයඹ පළාත් භූගත ජල අංශය ආරම්භ කර තිබේ.

    වහලය මතට වැටෙන වැසි ජලය කානු, ඇළවල්, ඔයවල් හා ගංගා දිගේ ගලායාමට සැලැස්වීම වෙනුවට පොළොවේ තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම මෙහි අරමුණයි. වර්තමානයේ කොන්ක්‍රීට් සහ කාපට් ඇතිරීම බහුලව සිදුවන නිසා සහ වැසි ජලය කොන්ක්‍රීට් කානු මතින් ඇලවේලිවලට හැරවීමෙන් වර්ෂා ජලය පොළොවට උරා ගැනීමේ අවස්ථාව අහිමි වන බව භූ විද්‍යාඥයන් පෙන්වා දෙයි. කුරුණෑගල වාරියපොල පිහිටි එම ස්ථානයට පැමිණිමෙන් ඕනෑම පුද්ගලයෙකුට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව, වයඹ පළාත් භූගත ජල අංශයේ කළමනාකරු ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා පවසයි.

    Latest News