චීනයෙන් ආනයනය කළ අති නවීන දුම්රියක් පරීක්ෂණ ධාවනයක

ජන 22, 2020

    චීනයෙන් ආනයනය කරන ලද අති නවීන දුම්රියක් අද මරදාන සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කෙරිණ.

    චීනයේ නිෂ්පාදිත මැදිරි අටකින් සමන්විත පවර් සෙට් වර්ගයේ මෙම දුම්රිය භෝජනාගාරයක් ද සහිතය. එය ඉදිරිපස සහ පිටුපස එන්ජින් දෙකක් ඇති අතර අති නවීන පහසුකම්වලින් සමන්විතය. මෙම දුම්රිය පළමු පන්තිය වායුසමනය කර ඇති අතර ඊට අමතරව දෙවන පන්තිය හා තුන්වන පන්තිය ද ඉතාමත් සුබෝපභෝගී ආසන හා අනෙකුත් පහසුකම්වලින් සමන්විත ය.

    newtrain_02.jpgnewtrain_01.jpg

    පැයට කිලෝමීටර් කිලෝ මීටර් 120 ක වේගයෙන් ධාවනය කළ හැකි මෙම දුම්රිය කඳුකර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය සඳහා වඩාත් සුදුසු බැවින් දුම්රිය උඩරට ප්‍රදේශවල ගමනා ගමන කටයුතු සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරින් සහ මෙම දුම්රිය ආනයනයේ දී චීනයෙන් පැමිණි විශේෂ තාක්ෂණික ඉංජිනේරු කණ්ඩායම ද මෙම පරීක්ෂණ ධාවන කටයුතු නිරීක්ෂණය සිදු කර තිබේ.

     

     

    Latest News