නිල අවසරයකින් තොරව පැවති එ.ජා.ප. ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම

ජන 21, 2020

    එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (21) පැවැත්විණ.

    එය කැඳවා තිබුණේ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙය පක්‍ෂයේ නිල අවසරයකින් තොරව සිදුවූවක් බව, පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රැස්වීමට එක්ව සිටි අතර, පක්‍ෂ නායකත්ව අර්බුදය පිළිබඳව එහිදි අදහස් පළ විය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ. ලබන 26 වැනි දින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වීමට නියමිතයි.

    Latest News