කහවත්ත රෝහලේ සංවර්ධනයට රු.මිලියන 500ක්

ජන 19, 2020

    කහවත්ත,මූලික රෝහලට පස් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ඊයේ පරිත්‍යාග කෙරිණ.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම මුදල් පිරිනැමුණේ සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා වෙතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනයේ රෝහල් සංවර්ධන අවශ්‍යතාවයන් සහ පහසුකම් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එම අවස්ථාවේ මෙම මුදල් පිරිනැමිණ.

    වසර ගණනාවක සිට වාට්ටු සංකීර්ණකයක් නොමැතිවීම රෝහලට අඩුපාඩුවක්ව පැවතින. ඉදිකිරීමට නියමිත මෙම වාට්ටු සංකීර්ණය  ශල්‍යාගාර දෙකකින් යුක්තයි. නිවිතිගල හා කහවත්ත රෝහල් සඳහා උපකරණ රැස්ක ද මෙහිදී පරිත්‍යාග කෙරිණ. සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු එම ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 11:43

    Latest News