අමෙරිකාවෙන් නොමිලයේ ෆයිසර් එන්නත් මිලියන 500ක්

ජූනි 10, 2021

    ලොව පුරා ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500ක් නොමිලයේ බෙදා දීමට අමෙරිකාව තීරණය කර තිබේ. ඒවා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකට ලබාදීමට සූදානම් වන බවයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

    බයිඩන් පාලනය විසින් ඒ අනූව මේ වසරේ දී එන්නත් මාත්‍රා මිලියන 200ක් බෙදා හැරීමට නියමිත අතර අඩු ආදායම්ලාභීන් සහ දුප්පත් රටවල් වෙත ඉතිරි එන්නත් මාත්‍රා මිලියන 300ක් ලබන වසරේ දී ලබා දීමට නියමිතයි.

    අමෙරිකානු මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජනාධිපති බයිඩන් ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තය බලා නික්ම යාමට පෙරයි.

    ජනපති බයිඩන් අද බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හමුවන අතර පසුව ජී-7 සමුළුවට සහභාගී වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජූනි 2021 13:13

    Latest News