ශ්‍රී ලංකාව 2020 වනවිට බිම්බෝම්බවලින් තොර රටක්

දෙසැ 07, 2018

    ශ්‍රී ලංකාව 2020 වනවිට බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සාර්ථකව සපුරා ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මිරෙඩ් බින් රාද් බින් සයිද් අල්හුසේන් කුමරු පවසයි.

    ශ්‍රී ලංකාව ඒ සඳහා සෑම අංශයකින්ම ප්‍රමුඛතාවයකින් යුතුව ක්‍රියාකර ඇති බව ඔහු පෙන්වා දෙයි. බිම් බෝම්බ පිටුදැකීමේ ඔටාවා සම්මුතිය පිලිබඳ 17 වැනි අන්තර්ජාතික සැසිවාරය රටවල් 160ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඉකුත් දෙදින පැවැත්විණ.

    ඒ හා සමගාමීව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විශේෂ සාකච්ජාවක් සංවිධාන කළේය. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රගතිය අන්තර්ජාතික ප්‍රජාවට පැහැදිළි කරදීම එහි අරමුණයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මෙරට චාරිකා කිරීම තුළින් නිරීක්‍ෂණය කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අල් හුසේන් කුමරු එහිදී අදහස් දක්වමින් කියා සිටියේ, බිම් බෝම්බ පිටු දැකීමේ වැඩසටහන මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක බවයි. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ.හසීස් මහතා සාකච්ජාවේ මුලසුන දැරූ අතර, පුනරුත්ථාපන යළි පදිංචි කිරීම් හා උතුරු සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වී. සිවඤානසෝති මහතා විශේෂ නියෝජිතයෙකු ලෙස ඊට එක්විය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News