ධීවර ගැටලුවලට විසඳුම් ලබාදෙනවා; අමාත්‍ය දේවානන්දා

ජන 12, 2020

    ධීවර වරාය හා ධීවර ගැටලුවලට කෙටි කලකදී විසඳුම් ලබාදෙන බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ඊට අදාළ සාකච්ජාවක් හෙට අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි. ඔහු මේ බව කිය සිටියේ, අම්බලන්ගොඩ ධීවර වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා....

    “ජනාධිපතිතුමා, අගමැතිතුමා කිව්වා දකුණේ ධීවර ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගිහිල්ලා බලලා, වහාම තිරණය කරන්න කිව්වා. අපි මිරිස්ස ගියා. පැරෑලිය ගියා, හික්කඩුව ගියා, දැන් අම්බලන්ගොඩ ආවා. ඔක්කොම බැලුවා. ලබන සුමානේ ඉඳලා අපි ඒ ගැන තීරණය කරනවා. වැඩ කරනවා“ යැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

    අමාත්‍යවරයා අම්බලන්ගොඩ මිරිස්ස, හික්කඩුව සහ පැරෑලිය යන ධීවර වරායන්වල ඊයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය. අම්බලන්ගොඩ ධීවර වරායේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

    Latest News