සිංහල ශබ්දකෝෂ කාර්යාලය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙසට (වීඩියෝ)

ජන 06, 2020
  • කොළඹ සිංහල ශබ්දකෝෂ කාර්යාලය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් බවට පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    ඒ වෙනුවෙන් වූ කැබිනට් පත්‍රිකාවක් සැකසීමට ද පියවර ගෙන ඇති බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ශබ්ද කෝෂ කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්විය. එය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සඳහා තොරතුරු හා අදහස් ලබා ගැනීමත්, සේවක ප්‍රශ්න හා ආයතන පරිපාලන ගැටලු සාකච්ජා කිරීමත් එහි අරමුණයි.1927 ආරම්භ කෙරුණු සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සිංහල ශබ්ද කෝෂය සම්පාදනය කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. එය අයත් වන්නේ, සංස්කෘතික දෙපාර්තමේන්තුවටයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    “සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පමණක් නෙමෙයි, ජපන්, කොරියන්, චීන යන භාෂා ඇතුලු ලෝකයේ විවිධ රටවල වඩා පහසුවෙන් දැන් ලාංකීය දරුවන්ට ජීවනෝපාය හා රැකියා පහසුකම් ලබාගන්න පුලුවන් ආකාරය සහ විශ්වවිද්‍යාලයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා. ඒ භාෂා විශ්වවිද්‍යාලයේ පර්යේෂණාත්මක විශ්වවිද්‍යාල විද්‍යා ආයතනය බවට අපි අගමැතිතුමා සමඟ සාකච්ජා කරලා කැබිනට් අනුමැතිය ලබාගෙන ඒ කටයුතු ඉක්මණින් කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙම අවස්ථාවට සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ප්‍රධාන කතෘ මහාචාර්ය ගාමිණි දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 20:02

    Latest News