පීඩාවිඳින රෝගීන්ට ජනපති නියමයෙන් විසඳුම්

ජන 02, 2020

    රෝගීන් බැලීමට ජනතාව රෝහල් කරා පැමිණෙන වේලාවන්වලදී මෙරට බොහෝ රෝහල්වල පිවිසුම් දොරටුව අසල දිගු පෝලිම් දක්නට ලැබේ.

    දිවා කාලයේ ඔවුන් බොහෝ වේලාවක් එහි රැඳී සිටින්නේ දැඩි අව්රශ්මිය ඇතුළු අපහසුතා රැසක් මධ්‍යයේ.කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ මේ තත්වය දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊට විසඳුම් ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අද “රටට හෙටක්“ විශේෂාංගයෙන් අවධානය ඒ ගැනයි.

    දිවයිනේ ප්‍රධාන පෙළේ රජයේ රෝහලක් වන කළුබෝවිල රෝහලේ විශාල රෝගී තදබදයක් පවතී. මේ හේතුවෙන් ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර වන අවස්ථා සුලභයි. ප්ලාස්ටික් හා පොලිතින් පරීක්‍ෂා කෙරෙන්නේ ද ප්‍රධාන දොරටු ආලින්දයේදී. මේ නිසා තදබදය වැඩිවන අවස්ථා වැඩියි. එම පෝලිම් අසලින් ගමන්ගත් ජනාධිපතිතුමා, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. දැඩි අව්රශ්මිය මධ්‍යයේ ජනතාවට විඳීමට සිදුව ඇති අසීරුතාව පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා, ඔවුන්ට හිසට සෙවණක් ලබාදීමට පියවර ගනු ලැබීය. එහිදී ආසන පැනවීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස එතුමා බලධාරීන්ට දැනුම් දී තිබේ. අද එහි ළඟා වූ අපට දැකගත හැකි වූයේ, ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස පිවිසුම් දොරටුව අසල එම ඉදිකිරීම් ගොඩනංවා ඇති ආකාරයයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...

    “ජනාධිපතිතුමා මෙතනින් යනකොට දැකලා තමයි අපිට කිව්වේ වැස්සෙන් සහ අව් රශ්මියෙන් තොරව ජනතාවට ඉන්න තැනක් හදලා දෙන්න කියලා. අපි ඒක කරලා තියෙනවා. බංකු වගයක් අපිට දාන්න කියලා කිව්වා. එය හදන්න දීලා තියෙන්නේ. තව ටික දවසකින් ඒක හයි කරනවා. එතකොට ලෙඩ්ඩු බලන්න එන අයට පුලුවන් එතන වාඩිවෙලා ඉන්න වෙලාව එනකන්“ යැයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

    Latest News