රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
රුපියල් 75 ලක්ෂයක පමණ විද්යුත් දුම්වැටි තොගයක් සහ තවත් දුම්වැටි තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සාහ කළ මගියෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුට ගෙන තිබෙනවා.
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
හිටපු අමාත්ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්රව්ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය පවසනවා.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
ගුවන් තැපැල් මගින් විදේශ රටවල් කිහිපයක සිට මෙරටට එවන ලද මත්ද්රව්ය තොගයක් පොලිස් මත්ද්රව්ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

තණමල්විල, හංබෙගමුව ප්‍රදේශයෙන් කංසා හේනක් සහ මිනුවන්ගොඩ තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ වැටලීමකදී රුපියල් ලක්ෂ 22 කට ආසන්න හෙරොයින් තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. 

ශ්රී ලංකාව තුළ මනුෂ්ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායිහි සැගවී සිටි ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
 

Latest News