කොරෝනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා...

ජන 29, 2020

    කොරෝනා වසංගතය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවරගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    චීන තානාපති කාර්යාලය ද ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන සමග පූර්ණ සහයෝගයෙන් කටයුතුකර එලදායී පූර්වෝපායන් අනුගමනය කරමින් මෙරට ජනතාව ආරක්ෂා කිරීම සඳහා සියලු විධිවිධාන යොදා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්. වසංගතය නිසා වැඩි අවදානමට ලක්ව ඇති චීනයේ නගරවලට ඇතුළ්වීම හා පිටවීම චීන රජය විසින් තාවකාලිකව නවතා තිබේ.

    චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් මනා අවදානයෙන් පසුවන චීන රජය සැක සහිත උණ රෝගී පිළිබඳව වාර්තාකර ඔවුන් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමටත් කණ්ඩයමේ අනෙකුත් සාමාජිකයන්ගෙන් සංචාරයෙන් වැළකී නිරෝධායන ක්‍රියාවලියකට ලක්වන ලෙස ඉල්ලා සිටීමටත් පියවරගෙන තිබේ. එමෙන්ම වංසගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගෙන් ඔවුන්ගේ සැලසුම් අවලංගුකර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින නිවේදනය කඩිනමින් චීන තානාපති කාර්යාලය විසින් නිකුත්කර ඇති බව ද රජයේ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියි.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 13:27

    Latest News