ඉතාලියේ කොවිඩ් 19 මරණ 11ක්..ආසාදිතයින් 300ක්

පෙබ 26, 2020

    කොවිඩ් 19 වෛරසය යුරෝපා රටවල දැඩි ලෙස ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. ඉතාලියේ රෝගීන් 300ක් වාර්තා වී ඇති අතර මරණ 11ක් වාර්තා වෙයි.

    ඉතාලියෙන් ආරම්භ වූ කොවිඩ් 19 රෝගීන්ගේ වර්ධනයෙන් අනතුරුව යුරෝපයේ විවිධ රටවලට පැතිර ගොස් තිබේ. මේ අතරින් ඔස්ට්‍රියාව,ක්‍රොඒෂියාව හා ස්විට්සර්ලන්තය වැනි රවල ද වෛරසය පැතිර ගොස් තිබේ. ලතින් අමෙරිකාවේ පළමු කොවිඩ් 19 වෛරස් ආසාදිතයා වර්තා වී තිබුණේ ද ඔහු ඉතාලියේ සිට පැමිණීමෙන් අනතුරුවයි. කෙසේ හෝ මෙම රෝග ව්‍යාප්තිය යුරෝපා රටවලින් නතර කර ගැනීම සඳහා දේශසීමා වසා දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

    යුරෝපා සංගමය තවමත් දේශසීමා විවෘතව තබා ගැනීමට පියවර ගෙන තිබෙන අතර, මේ පිළිබඳ ඉතාලිය අවට අසල්වැසි රාජ්‍යය තම විරෝධතාව ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 09:52

    Latest News