ඉරානයේ නි.සෞඛ්‍ය ඇමතිටත් 'කොවිඩ් 19'

පෙබ 26, 2020

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉරානයේ කුමී නගරවාසීන් 50 දෙනෙකු මියගොස් තිබේ. එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි, මාධ්‍ය වාර්තාවල සඳහන්.

    නියෝජ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්ච් කහිමින් පසුගියදා අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්ව සිටියේය. එහිදී ඔවුන් අපහසුතාවට පත් වන අයුරු දක්නට ලැබිණ. අනතුරුව ඔහු පිළිබඳව කළ පරීක්ෂණ වලින් සනාථ වූයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

    මාධ්‍යය හමුවට එක් වූ අමාත්‍යවරයා අසළින් සිටි රජයේ ප්‍රකාශක අලි රබෙයි ටද රෝගය වැළැදී ඇතැයි සැක කෙරෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා අද වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, තමාට එතරම් අමාරු තත්වයක් නොමැති බවයි. එහෙත් ජනතාව වෛරසය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවත්, පරිස්සම් විය යුතු බවත්, ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 14:48

    Latest News