පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් බම්බලපිටිය ශාන්ත මරියා දෙව් මැදුරේදී අද (17) පැවැත්විණ.
රට තුළ පවතින වාතාවරණය හමුවේ අවධානය යොමු කළ යුතු නීති රෙගුලාසි හා ඊට අදාළ වගන්ති කිහිපයක් කෙරෙහි රජය ජනතාවගේ අවධානය යොමු කර තිබේ.
ත්රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.
ඉකුත් 21 වන පාස්කු ඉරිදා කතෝලික සිද්ධස්ථාන තුනකටත් තවත් ස්ථාන කිහිපයකටත් එල්ල කල බෝම්බ ප්‍රහාරය හමුවේ දැනට සාමාන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවන චෝදනාවට විරෝධය පා ජන හමුවක් අද දහවල් පුත්තලම නගරයේ කළපු තීරයේදී පැවැත්විණි.
මද්රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයේ 50 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.
හොරොව්පතාන පොලිසියේ අත්අඩංගුවට පත් තවුහිද් ජමාත් නායක සහ්රාන් හෂීම්ගේ සමිපතමයින් දෙදෙනා පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අද අවසර දී තිබේ.
ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවක රාජේන්ද්‍රන් කරුපයියා අබ්දුල්ලා තවදුරටත් ලබන 30 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.