මුරලිගේ සන්රයිසස් අවසන් තරගයට යාවිද ?

මැයි 21, 2024

    2024 IPL තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන පළමු කණ්ඩායම කවුරුන්දැයි අද මධ්‍යම රාත්‍රියට ප්‍රථමයෙන් තීරණය කිරීමට හැකි වේවි.

    අද පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ හයිද්‍රාබාද් හිදීයි.

    ලොව මෙතෙක් බිහිවූ හොඳම දඟ පන්දු යවන්නා වශයෙන් අවිවාදයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් දඟ පන්දු යැවීමේ පුහුණුකාරිත්වය දරණ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේ සුපිරි දස්කම් දැක්වීමට සමත් වුනා. IPL ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද (287/3) RCB කණ්ඩායමට එරෙහිව මෙවර වාර්තා කිරීමට සන්රයිසස් කණ්ඩායමට හැකි වුනා.

    LPL තරගාවලිය හරහා සොයා ගත් විජේකාන්ත් වියස්කාන්ත් හටද මෙවර සන්රයිසස් කණ්ඩායම හරහා සිය දස්කම් දැක්වීමට අවස්ථාව හිමි වුනා. අද තරගය සඳහාත් ඔහුට අවස්ථාව ලැබෙනු ඇතැයි විචාරකයින් පවසනවා.

    කොල්කටා කණ්ඩායම මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ තරග 14න් 9ක් ජය ගෙන ඇති අතර සන්රයිසස් ජය ගෙන ඇත්තේ තරග 8ක් පමණයි.

    සන්රයිසස් පිතිකරු ට්‍රැවීස් හෙඩ් ලකුණු 533ක් රැස් කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවන ස්ථානය හිමි කර ගෙන සිටිනවා.
    කොල්කටා කණ්ඩායමේ සුනිල් නරේන් ලකුණු 461ක් සහ කඩුලු 15ක් දවා ගනිමින් සුපිරි තුන් ඉරියව් දස්කම් දක්වමින් සිටිනවා.

    ඒ අනුව අද තරගය දෙපිළටම තියුණු සටනක් වනු ඇති.

    Latest News