පාසල් නිවාඩුව අසත්‍යක්

මැයි 21, 2024
    දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්ය ජාල හරහා ප්රචාරය වන නිවේදනය අසත්ය බව අධ්යාපන අමාත්යාංශය දැනුම් දෙනවා.

    එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්යාපන අමාතාංශය දැනුම් දෙනවා.

    එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්යාපන අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

    Latest News