මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි

මැයි 21, 2024
    උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා.

    මාතර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්රී මෙම රැඳවියා මියගොස් ඇති බව, බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

    ඔහු මාස 3කට පමණ බන්ධනාගාර ගත වූ 24 හැවිරිදි පුද්ගලයෙක්.
     
    අදාළ රැඳවියා මොලේ උණ රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවට සැක පළකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙන බව වාර්තා වේ.
     
    එම බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
     

    Latest News