ඉරාන ජනපති හෙලිකොප්ටර් අනතුරකින් මිය යයි.

මැයි 20, 2024

    හෙලිකොප්ටර් යානා අනතුරකින්, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් තිබෙනවා.

    CNN ලෝක සේවය වාර්තා කරන්නේ, අනතුරින් කිසිවෙකු දිවි ගලවා ගත් බවට සාක්ෂි නොමැති බවයි. ජනාධිපතිවරාගේ මියයාම ඉරාන රජය තහවුරු කළා.

    ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා. දැඩි මීදුම් සහිත අයහපත් කාලගුණය ඊට හේතුවයි. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යානා තුනකින් ගමන් ගෙන තිබෙනවා.

    ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වූ ස්ථානය නිශ්චිතව හඳුනාගෙන ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් එම ස්ථානයට ලඟාවෙමින් සිටින බව වාර්තා වනවා. රතුකුරුස සංවිධානයට අයත්, රතු අඩසඳ සංවිධානයේ කණ්ඩායම් මේ වන විට එම ස්ථානයට ලඟා වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ජනාධිපතිවරයා ඇතුළු දූතපිරිස ගමන්ගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණය හේතුවෙන් හදිසියේ ගොඩබස්වා ඇති බව මාධ්‍ය වාර්තා කළා. එහෙත්, ඩ්‍රෝන යානාවලින් ලබාගත් දර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ, යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අවට සුන්බුන් දක්නට ලැබුනු බවයි.

    Latest News