මාර්ග අනතුරුවලින් දිනකට 8ක් මිය යයි

දෙසැ 06, 2018

    මාර්ග අනතුරුවලින් දිනකට අට දෙනෙක් මිය යන බව අනාවරණය වී තිබේ.

    ඒ අනූව, වාර්ෂිකව පුද්ගලයන් තුන් දහසක් පමණ මිය යන බව, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ වෛද්‍ය අචල ජයතිලක මහතා කියා සිටියේය. රිය අනතුරුවලින් මිය යන පුද්ගලයින්ගෙන් බහුතරය වයස අවුරුදු 25ත් 40ත් අතර අය බව අනාවරණය වී තිබේ. ශ්‍රම බලකායේ සිටින පුරුෂ පාර්ශවයෙහි බහුතරයක් රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වීම බරපතල සමාජ ගැටලුවක් බව ජයතිලක මහතා කියා සිටියේය.

    ඔවුන්ගෙන් බහුතරයක් වාහනයකට හිමිකම් නොකියන පුද්ගලයින්ය. වෛද්‍ය අචල ජයතිලක මහතා විසින් පරිවර්තනය කළ මාර්ග ආරක්ෂාව පිළිබඳ වාර්තාකරණය ජනමාධ්‍යවේදීන් සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්ම ද සිදු කෙරිණ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ උපදේශක වෛද්‍ය පටන්ජලී දේවීනයර්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 30 දෙසැම්බර් 2018 20:28

    Latest News