You tube කෑම පිසූ මස්ටන්මාමා මිය යයි (විඩියෝ)

දෙසැ 05, 2018
  • ලොව වයස්ගතම යූටියුබ් කාන්තව වු දකුණු ඉන්දියාවේ ජීවත් වු 107 හැවිරිදි මාස්ටන්මාමා මිය ගොස් ඇත.

    ආහාර පිසිම සම්බනධයෙන් කෙටි කලකින් අන්තර්ජාලයේ ප්‍රමුඛ නාමයක් දිනා ගත්තේ දේශිය සහ විශ්විය ආහාර වට්ටෝරු වලින් සාදන ලද අසාමාන්‍ය ආහාර නිපදවිමට ඇයට තිබු සමත්කම නිසාවෙනි. ඇගේ YouTube නාලිකාව වන Country Foods ගිණුමට මුදාහල සිය ගණන ආහාර පිසීමේ වීඩියෝ ගනණක් සමඟින් මිලියනයකට අධික ග්‍රහකයින් පිරිසක් එක් වුයේය.

    ඇගේ මුනුපුරා සහ ඔහුගේ මිතුරා විසින් පාලනය කරන ලද YouTube නාලිකාව 2016 දී ආරම්භ කරන ලද අතර ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුනේය.

    ආන්ද්‍රා ප්‍රාන්තයේ උපත ලද මාස්ටන්මාමා, බීබීසී නිරීක්ෂණයකදි කියා ඇත්තේ 2017 දී ඇයට වයස අවුරුදු 106 බවයි. නමුත් ඇයට එය සහතික කිරීමට උප්පැන්න සහතිකයක් නොතිබුණ.

    YouTube නාලිකාවේ දර්ශන වලින් පෙනෙන්නට ඇත්තේ ඉතා දුර බැහැර දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශයක අවම පහසුකම් වලින් සමන්විත කුස්සියක් සහ පිසුම් උපකරණවේ.

    එළවළු පිරිසිදු කිරිමට ඇගේ නියපොතු සහ පැරණි ඉන්දියානු පන්නයේ පිහියක් බාවිත කිරිමත් සුවිශේෂිවේ. පිසු ආහාර පිරිනමන්නේ සාම්පදායික ලෙසින් දකුණු ඉන්දියානු කෙසෙල් කොළවල දවටනය කරමින්ය.

    බීබීසී මාරතිගේ අම්කාර් කරම්බලෙකාර් - මෙය ලෝකයේ පැරණිතම යූ ටියුබ් එකද? 2016 YouTube නාලිකාවට පිවිසි මාස්ටන්මාමා පවසන්නේ ඇය, සිය ආහාර පිසීමේ විලාසය සාමාන්‍යයෙන් YouTube හි ඇති දේවලින් බෙහෙවින් වෙනස් බවයි. පිඟන් කෝප්පයක් භාවිතා නොකරන අතර දැව වලින් නිපදවු පිඟානකින් ආහාර නැවුම් කළ හැකි බැවින් එය භාවිතා කර මුහුදු ආහාර පිළියෙල කිරිමට කැමති බව ඇය පවසයි. සාම්ප්‍රදායික ඉන්දියානු ඉවුම් පිහුම් කටයුතු සඳහා ඇයගේ අද්විතීය ගවේෂණය ඇයව තාරකාවක් බවට පත් කර තිබේ.

    පසුගිය සඳුදා ඇයගේ YouTube නාලිකාව වන Country Foods ගිණුමෙන් වීඩියෝවක් සමඟ මාස්ටන්මාමා මරණය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රවෘත්තියත් සමඟින් සමාජ මාධ්‍ය රසිකයින් වට්ටෝරු ප්‍රශංසා කිරීමට සහ ඇගේ මරණය ගැන ශෝකයට පත්ව තිබේ.

    mastanam2 px 900 18 12 04

     

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 20:31

    Latest News