"ජාතික ආහාර සැණකෙළිය - 2018"

දෙසැ 08, 2018

    ජාතික ආහාර සැණකෙළිය - 2018 කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්තිහි දී ඇරඹේ.

    නාගරික ජනතාව දේශීය ආහාර වෙත නැඹුරු කිරීම ප්‍රධාන අරමුණයි.  මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතායි.  දේශීය හා විදේශීය ආහාර ඇතුළත් කුටි 150ක් ආහාර සැණකෙළියට එක්කර තිබේ.  ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, හදබිම අධිකාරිය, පශු සම්පත් මණ්ඩලය, හෙළ බොජුන්හල් සහ තරු පංතියේ හෝටල් මීට සහභාගී වී සිටිති.  දිවයිනේ එක් එක් පළාත්වලට ආවේණික ආහාර වර්ග ද මෙහි දී රස විඳිය හැක. 

    ඊයේ ආරම්භ වූ ජාතික ආහාර සැණකෙළිය ලබන 9 වැනි දින දක්වා උදේ 10.00 සිට රාත්‍රී 10.00 තෙක් විවෘතව පවතී.  ජනතාවට සහන මිලට එළවළු, පළතුරු, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ අවස්ථාව ද සළසා තිබේ.  දේශීය ගොවියා ආරක්ෂා කරගනිමින් මෙරට වගා කළ හැකි සියලු කෘෂිබෝග ආනයනය සීමා කරන බව, මහින්ද අමරවීර මහතා මෙහි දී පැවසීය.

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 11:28

    Latest News