ගෝලීය උණුසුම ගැන විද්වතුන්ගෙන් රතු එළියක්

දෙසැ 03, 2018

    ලෝක දේශගුණික වෙනස්වීම් පිළිබඳ සමුළුව ඊයේ ආරම්භ විය.

    ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පාලනය කිරීමට ඉක්මන් ක්‍රියා මාර්ග ගත යුතු බව එහිදි අවධාරණය කෙරිණ. 2015 පැරිස් සමුළුවේ ගන්නා ලද තීරණ වහාම ක්‍රියාත්මක කළ යුතු බව, විද්‍යාඥයින් විසින් මෙහි දී පෙන්වා දෙන ලදී. පැරිස් සමුළුවේ දී එකඟතාවයට පැමිණියේ, ගෝලීය උෂ්ණත්වය 2030 වසර වන විට කාර්මික විප්ලවයට පෙර පැවැති උෂ්ණත්ව අගයට වඩා සෙල්සියස් අංශක 1.5කින් පමණක් ඉහළ යාමට පාලනයක් ගෙන ඒමයි.

    වර්තමානයේ කිසිඳු පාලනකයින් තොරව ක්‍රියාත්මක වූයේ නම්, 2030 වසර වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.5කින් ඉහළ යනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 09:48

    Latest News