බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ බිලින්දියගේ ජිවිතය බේරා ගැනිමට ඉල්ලීමක්

අගෝ 04, 2019

    මාස පහක් වයසැති බිලින්දියගේ පිට කොන්දේ හටගෙන ඇති විශාල ගෙඩියක් ශෛල්‍යයකාර්මයකින් ඉවත් කර ජිවිතය බේරා ගැනිමට බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු යුවලක් මහජන සහය ඉල්ලා සිටියි.

    බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ වතු නිවාසයක පදිංචි පාප්පු පුෂ්පලතා සහ සුබ්‍රමණියම් බාලසංමුගම් යන දෙදෙනාගේ දෙවනි දරුවා වු බාලසම්මුගම් කිර්තනාගේ වයස මාස පහකි. ඇය මහනුවර ශික්ෂන රෝහලේදි උපත ලබන විට පිට කොන්දේ හටගෙන තිබු කුඩා ගෙඩියක් මේ වන විට දිනෙන් දින ප්‍රසාරණය වෙමින් පවතින බවයි එම බිලින්දාගේ දෙමාපියන් පවසන්නේ.

    බිලින්දාගේ රෝගි තත්ත්වය පිලිබදව මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පරික්ෂා කල බැලුවද මේ වන තෙක් එම ගෙඩිය ඉවත් කිරිම සදහා කිසිදු ප්‍රතිකාරයක් හෝ කිසිදු ක්‍රියාමර්ගයක් නොගත් බවත්, තමන්ගේ පවුලේ දැඩි අර්ථික අපහසුතා මධ්‍යයේ මාස් පතා තම බිලින්දාද රැගෙන මහනුවර ශික්ෂන රෝහලේ පැවැත්වෙන සායන කටයුතු වලට සහභාගි වන බවයි දෙමාපියන් කියා සිටි.

    බිලින්දාගේ පියා වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වශයෙන් බගවන්තලාව නගරයේ කටයුතු කරන අතර ඔහු දිනපතා ලබා ගන්නා සුළු ආදායමින් ඔහුගේ මව, බිරිද සහ වැඩිමහල් දියණිය ද රැක බලාගනි.

    එවැනි ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ජිවත් වන එම යුවලගේ දෙවනි බිලිදියගේ ජිවිතය බේරා ගැනිම සදහා ප්‍රදේශයේ දේශපාඥයෙකුගෙන් ලද ලැබුණු උපදෙස් මත එම බිලින්දිය ඉන්දියාවේ රැගෙන ගොස් එහි රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා දිමට සැලසුම් කර ඇත. ඉන්දියාවට යාමට සහ ඒමටත්, මාස තුනක කාලයක් ඉන්දියාවේ රැදි සිටිමින් තම බිලින්දියගේ පිට කොන්දේ හටගන ඇති ගෙඩිය ශෛල්‍යයකර්මයකින් ඉවත් කර ඇය සුව කර ගැනිම සදහා බිලින්දාගේ දෙමාපියන් පින්වත් සියළු දෙනාගේ අධාර උපකාර ඉල්ලා සිටියි.

    දිනෙන් දින ප්‍රසාරණය වන බිලින්දාගේ පිට කොන්දේ හටගෙන ඇති ගෙඩිය නිසා බිලින්දා දැඩි අපහසුතාවයෙන් පෙලෙන බවත් බිලින්දාගේ වම් පාදයේ උපතින්ම අබාධයක්ද ඇති බවයි එම බිලින්දාගේ දෙමාපියන් වැඩි දුරටත් කියා සිටින්නේ.

    බිලින්දාගේ පියාගේ දුරකථන අංකය - 071 74 74 280 / බ්‍රිඩ්වෙල් වත්ත , බගවන්තලාව

    Latest News