යුක්තියේ මෙහෙයුමට තවත් 871ක් කොටු

ජන 26, 2024
    ගත වූ පැය 24 තුළ දිවයිනපුරා සිදු කෙරුණු මෙහෙයුම්වලින් අපරාධකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙහිදී හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 626 දෙනෙකු අතරින්, සැකකරුවන් 9 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 5 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කෙරුණා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 231 ක්, අයිස් ග්‍රෑම් 129 ක්, ගංජා කිලෝ ග්‍රෑම් 27 කට ආසන්න ප්‍රමාණයක්, මාවා ග්‍රෑම් 863 ක්, මදනමෝදක ගුලි ග්‍රෑම් 248 ක් සහ මත් පෙති 222 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    Latest News