තල් කොළයයි පොල් කොළයයි යාවෙන දවසට

අප්‍රේ 23, 2023

    පාසල් දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීම, පන්සිය දෙනෙකුට ඇස් කණණාඩි ලබාදීම සහ පොල් පැල හා කොස්පැල බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දින 03 පුරා යාපනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

    ඒ, පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

    යාපනය නග‍රයේ ස්වාමි විපුලානන්ද විසින් ඉදිකරන ලද ශිව කෝවිල විවෘත කිරීම ද පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන්ගේ සහභාගීත්වයෙන් මීට සමගාමීව සිදුකෙරුණා. ප්ර්ධානත්වයෙන් විවෘත කෙරුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    ඉන් අනතුරුව යාපනය යොවුන් සමාජයේදී පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදුන් අතර, එම ප්‍රදේශයේ ජනතාවට පොල් පැල හා කොස් පැල බෙදාදෙනු ලැබුවා. මෙය සංවිධාන කළේ, අරුන් සිද්ධාර්ත් මහතායි.

    පසුව ඩෙල්ෆ් දූපතේ සංචාරය කළ සමන්ත භද්‍ර හිමියන් එහි දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදුන්නා. ප්‍රදේශයේ පන්සිය දෙනෙකු සඳහා පොල් පැල හා කොස් පැල බෙදාදුන් උන්වහන්සේ නොමිලේ ඇස් කන්නාඩි බෙදාදීමද සිදුකරනු ලැබුවා. වැඩසටහන පැවැත්වුණේ, ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී.

    යාපනය නාග විහාරයේදී ද සමන්ත භද්‍ර හිමියන් පොල් පැල හා කොස් පැල බෙදාදීමේ වැඩසටහනට එක්වුණා.

    යාපනය රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා ද පොල් පැල හා කොස් පැල බෙදාදුන්නා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම කාර්ය මණ්ඩලය සඳහා උන්වහන්සේ විසින් කැවිලි ද ලබාදුන්නා.

    ඊයේ පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී ද පාසල් ළමුන් සඳහා උපකරණ බෙදාදුන්නා. ජනතාව සඳහා පොල් පැල 400ක් බෙදාදුන් අතර, යාපනය පොලිස් නිලධාරින් සඳහා ඇස් කන්නාඩි 200ක් බෙදාදීමට ද කටයුතු කළා. මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා ද එක්ව සිටියා.

    Last modified on ඉරිදා, 23 අප්‍රේල් 2023 15:37

    Latest News