ශ්‍රී ලාංකිකයෙකුගේ ප්‍රධානත්වයෙන් නිපදවූ කොරෝනා හඳුනාගැනීමේ මෘදුකාංගය "ෆයිසර් සමාගම"   මිලදී ගනී 

ඔක් 10, 2022

    ලොව ප්‍රකට "ෆයිසර් සමාගම" ඔස්ට්‍රේලියාවේ "ක්වින්ස්ලන්ඩ්" ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්ය උදන්ත අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක්, නිර්මාණය කළ කොරෝනා ආසාදනය වීම හඳුනා ගැනීමේ මෘදුකාංගය, මිලදී ගෙන තිබේ.

    ඒ, අමෙරිකානු ඩො‍ලර් මිලියන 180 කට. ස්මාර්ට් ජංගම දුරකථනයකට මෙම මෘදුකාංගය ඇතුළත් කිරීමෙන් යම් රෝගියෙකුගේ කැස්සකින් ඔහුට කොරෝනා ආසාදනය වී  ඇද්දැයි මින් හඳුනාගත හැකි වෙයි. ‍ඔස්ට්‍රේලියාවේ "රෙස්ඇප්"  සමාගම මෙම පර්යේෂණ කණ්ඩායම නිර්මාණය කළ මෘදුකාංගය වැඩිදියුණු කර තිබේ.

    ලොව විශාලතම ඖෂධ සමාගමක් වන අමෙරිකාවේ ෆයිසර් සමාගම එම සමාගමෙන් අදාළ මෘදුකාංගය මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ එහි සාර්ථකත්වය  පිළිබඳව අත්හදා බැලීමෙන් අනතුරුවයි.

     

    Latest News