පළමු වරට දියනෑමට ගිය අලි නිවුන් සහෝදරයෝ

ජන 06, 2022

    පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු වරට මා ඔයේ දිය නෑමට ගිය බව සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

    පින්නවල අලි අනාථාගාරයේ දී ඉකුත් අගෝස්තු 31 දා පෙරවරුවේ නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනකු බිහි කළාය. උපතේදිම එක් පැටවකු තරමක අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවු අතර පශුවෛද්‍යවරුන්ගේ හා සේවක මණ්ඩලයේ කැපවීම මත සාමාන්‍ය තත්වයට පත් කරනු ලැබීය. කාර්ය්‍ය මණ්ඩලයේ හා පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මොවුන්න රැක බලා ගනු ලබයි.

    සුරංගි නැමති කෙනර හා පණ්ඩුල නැමති අලියාට දාව මෙම නිවුන් පැටවුන් උපත ලැබීය. නිවුන් පැටවුන් නැරඹීම සඳහා මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණෙන බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයන්ට පින්නවල් නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    Elephant02

    Elephant03

    Last modified on සිකුරාදා, 07 ජනවාරි 2022 11:55

    Latest News