රිදියගම උද්‍යානයේ 'ඩෝරා' සිංහ පැටවා මහජන ප්‍රදර්ශනයට (වීඩියෝ)

ජන 18, 2022
  • රිදියගම සෆාරි උද්‍යානයේ ‘ඩෝරා’ නම් මාස හතර හමාරක් වයසැති සිංහ පැටවා අද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. ඇයව උදේ 9.00 සිට 10.30 දක්වා සහ සවස 3.30 සිට පස්වරු 5.00 දක්වා දැක ගත හැකියි.

    ඇය රිදියගමදී උපත ලැබූ සිව්වැනි පැටවායි. සිංහයා (පැටවාගේ මව) ඇය ඉපදුණු විගසම පැටවා අතහැර දැමූ බව ජර්මිලා මහත්මිය පැවසුවාය.

    “සෆාරි පාර්ක් සේවකයින්ට ඇයව රැකබලා ගැනීම සහ පැය 24 පුරාවටම ඇයව ඇති දැඩි කිරීම පැවරී ගෙන තිබෙනවා. ඇය කිරි සහ මස් අනුභව කරන අතර හොඳින් වැඩෙමින් සිටී.
    ඇගේ වයස මාස හතර හමාරක් පමණක් වන බැවින්, මුළු දවසම ඇයව මහජන ප්‍රදර්ශනය සඳහා නිදහස් කිරීමට අපට නොහැකි ”

    සෆාරි උද්‍යාන කළමනාකාරිත්වය දිනකට දෙවරක් මෙම පැටවා මහජන නැරඹීම සඳහා සූදානම් කිරීමට තීරණය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 15:59

    Latest News