ඉපැරණි ලෝකඩ වළලු සහ ඉල ඇට ආදිතම මුදල් වශයෙන් යොදාගත් බවට අනාවරණයක්

ජන 24, 2021

    ලෝකය මුදල් මත කරකැවෙන බවට කියමනක් පවතී.

    එහි මූලාරම්භය අදින් වසර 5,000 කට පමන පෙර සිදුවූ බවට නවතම සාධක පෙන්වා දෙයි.

    නෙදර්ලන්තයේ ‍ලීඩන් සරසවිය සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව මුදල් පිළිබඳ ඉපැරණිතම සාධක තමන්ට සොයා ගැනීමට හැකිවූ බව පර්යේෂකයෝ පවසති.

    මුදල් නෝට්ටු හෝ ලෝහ කාසි වෙනුවට, වසර 5000 ක් පැරණි මෙම විනිමය හුවමාරුව සඳහා ලෝකඩ වළලු, ඉල ඇට සහ ඇතැම්විට පොරෝ තල ද යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    ජර්මනියේ සිට ස්කැන්ඩිනේවියානු රටවල් දක්වා යුරෝපයේ විවිධ ස්ථානවලින් සොයා ගත් ඉපැරණි අවදියට අයත් පුරාවස්තු එකතූන් 100 කට වැඩි සංඛ්‍යාවකින් ලබාගත් විවිධ භාණ්ඩ 5,000 ක් පමන අධ්‍යයනය කිරීමෙන් පසු මේ නිගමණයට පැමිණි බව විද්‍යාඥයෝ පවසති.

    එම විද්‍යාඥයන්ට අනුව, ලෝකඩ වළලු සහ අනෙකුත් ද්‍රව්‍ය ලෝහ අච්චුවක් මගින් අනුපිටපත් කිරීමට ඇති හැකියාව නිසා ඒවා පුරාතන ලෝකයේ මූල්‍ය ගනුදෙනුවලට අදාළව දැවැන්ත පරිවර්තනයක් කිරීමට හැකිවූ බව පර්යේෂකයන්ගේ අදහස වී තිබේ.

    කාලයාගේ ඇවෑමෙන් මෙම පිටපත් ස්වාභාවිකවම බර පිළිබඳ වියුක්ත සංකල්පයක් ඇති කළේය. පසුකාලීනව, එවැනි මුලික මුදල් වෙනුවට කාසි ආදේශ කරන ලද අතර, බොහෝ දුරට එහි අතේ ගෙන යාමට හැකි හැකියාව, කල්පැවැත්ම සහ දේශපාලන නායකයින්ට (එබැවින් රාජ්‍යයන්ට) ඒවායේ නිෂ්පාදනය පාලනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් කාසිවලට ඉතා ඉහළ පිළිගැනීමක් හිමිවිය.

    පුරාණ වස්තූන් අද අප සිතන ආකාරයට මුදල් මෙන් නොවුනත්, ඒවායේ හැඩය එතරම් පුදුමයට කරුණක් නොවේ, ඒවා හුදෙක් ප්‍රායෝගික මුදල් යටතට වැටේ. ]

    යුරෝපයෙන් පරිබාහිරව ලොව වෙනත් තැන්වල විද්‍යාඥයින් චීනයේ පිහි හා හෙල්ල හෝ මෙසෝඇමෙරිකාවේ උදලු සහ පොරෝ වැනි මුදල් සොයාගෙන ඇත.

    විකල්පයක් ලෙස මිනිසුන් ගවයින් වැනි සජීවී සතුන් පවා මුදල් ආකාරයක් ලෙස භාවිතා කර ඇත.

    නමුත් මෙම භාවිතයේ ඉතිහාසය පැහැදිලි සාක්ෂ්‍ය මත තක්සේරු කිරීම දුෂ්කරය.

    නිල වශයෙන් අප දන්නා පළමු මුදල් ක්‍රමය මෙසපොතේමියාවේ ෂෙකෙල් මුදල යැයි විශ්වාස කෙරේ.

    එය මීට වසර 5,000 කට පමණ පෙර මුල්වරට භාවිතයට පැමිණියේය.

    මේ සොයාගැනීම් PLOS ONE සඟරාවේ පළ විය.

     

    උපුටා ගැනීම - 

    Vijaya Dissanayake Geo – political Analyst | Journalist | Director of Programmes – Sri Lanka Rupawahini Corporation

    current affairs studies.com වෙබ් අඩවිය

    Latest News