ජය රැගෙන ලූෂන් දිවයිනට

දෙසැ 19, 2018
  • ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකර ගත් ලූෂන් පුෂ්පරාජ් දිවයිනට පැමිණෙයි.

    ඔහු පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ. ඔහු අද අලුයම දිවයිනට පැමිණියේය. තායිලන්තයේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලූෂන් පුෂ්පරාජ්ට මෙම ජයග්‍රහණය හිමිවිය. එය ශ්‍රී ලාංකික කාය වර්ධන ක්‍රීඩකයෙකු ලබා ගත් විශිෂ්ඨතම ජයග්‍රහණයයි.

    ඔහු නියෝජනය කළේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තියයි. අවසන් වටයට තරගකරුවන් පස් දෙනෙකු සුදුසුකම් ලැබීය. එහි ජයග්‍රහණය ලූෂන්ට හිමිවිය. ලූෂන් පුෂ්පරාජ් අන්තර්ජාතික තරග රැසක් ද ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දී ඇත.

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 09:10

    Latest News