සිතේ ශක්තියෙන් ජීවිතය ජයගත් දියණිය

දෙසැ 19, 2018

    උපතින්ම දෙපා අහිමිවූවත් සිතේ ශක්තියෙන් ජීවිතය ජය ගැනීමට වෙරදරන දිරිය දියණියක පිළිබඳවයි මේ පුවත.

    මේ මාවනැල්ල, හෙම්මාතගම අශෝකපුර ළමා නිවාසය විවිධ කායික දුබලතා සහිත දරුවන් රැසක් මෙහි සිටින අතර, දිනූෂා බණ්ඩාර ඉන් එක් දැරියක්. උපත ලබා දින 10කට පසු ඇය මේ නිවාසයට රැගෙනවිත් තිබෙනවා. දිනුෂා බණ්ඩාරගේ දැන් වයස අවුරුදු 12ක්. දක්ෂතා රැසකින් හෙබි දිනුෂා අකුරු ලිවීමේ දී සහ චිත්‍ර ඇදීමේ දී දක්වන්නේ අපූරු හැකියාවක්. එහෙත්, ඇය එම කටයුතුවල නිරතවන්නේ අනෙක් දරුවන් ලෙස නම් නොවෙයි.

    පැන්සල හා පාටකූර කටින් අල්ලාගෙන දිනූෂා දැරිය ඉතා සාර්ථකව අකුරු ලියනවා. මෙවර 5 ශ්‍රේණිය ශිෂයත්ව විභාගයට පෙනී සිටි ඇය ලකුණු 45ක් ලබා ගැනීමට ද සමත් වුණා. පුංචි දේවල් පවා අහිමි වන විට ජීවිතයෙන් පලායාමට උත්සහ දරණ ඇතැම් මිනිසුන්ට දිනූෂා ලබා දෙන්නේ කෙතරම් ආදර්ශයක්ද?

    Latest News