කොළඹ කොටුව සහ බදුල්ල අතර, සති අන්තයේ ක්‍රියාත්මක ඇල්ල ඔඩිසි විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය අද සිට තවත් අතිරේක ගමන් වාර දෙකක නිරත වනවා.  ඒ අනුව, සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සිකුරාදා බදුල්ල සිට කොළඹට පැමිණෙනවා.

උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනයවන“ELLA ODYSSEY” දුම්රිය 2022.09.08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.

උඩරට දුම්රිය මාර්ගය ඉංග්‍රීසින් විසින් මෙරට ඉදිකරන ලද දර්ශනීයතම හා ආකර්ෂණීයම දුම්රිය මාර්ගයයි. මෙතෙක් එහි ධාවනය කෙරුනේ සාමාන්‍ය මගීන් ඉලක්ක කරගත් දුම්රිය ගමන්වාර වැඩි සංඛ්‍යාවක්.

කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Latest News