රට හැඩකරන සිත්තරාවෝ...

දෙසැ 02, 2019

    දිවයිනේ නගර රැසක අලංකාර සිතුවම් නිර්මාණ මේ දිනවල දැකගන්නට පුළුවන්.

    මේ ඒ පිළිබඳවයි....

    පෝස්ටර් කටවුට් වෙනුවට අලංකාර සිතුවම්වලින් නගර හැඩ ගැන්වෙන එක කොයි තරම් සුන්දරද? සුන්දරත්වය පමණක් නොවෙයි ඉන් පරිසරය ද ආරක්‍ෂා වනවා. අද වනවිට මාර්ගගත සිතුවම් කලාව තරුණ ප්‍රජාව අතර රැල්ලක් බවට පත්වෙලා. අධිවේගී මාර්ගයේ උමංවල චිත්‍ර ඇඳීමෙන් ආරම්භ වූ මෙය මහනුවර, ගම්පහ, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර යන ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මුදල් ඉපැයීම අරමුණු කර නොගත් නිර්මාණාත්මක ප්‍රවේශයක් හෝ ආත්මීය ප්‍රවේශයක් මේ තුළ දක්නට පුළුවන්.

    චිත්‍ර ඇඳීම බොහෝ ස්ථානවල සිදුවන්නේ පුද්ගලිකව එකතු කරගන්නා අරමුදල්වලින්. ඒ වගේම ආණ්ඩුවේ අනුග්‍රහය ලැබෙන ස්ථානත් තිබෙනවා. වෙනත් රටවල කලායතනවලින් ද අරමුදල් ලැබී තිබෙනවා. මේ අතර, චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය තීන්ත හා උපකරණ ලබාදීමට ධන පරිත්‍යාග කිරීමට කැමති පිරිස් පෙරමුණ ගෙන සිටිනවා. මෙහි විශේෂත්වය තමයි ප්‍ර දේශයේ තරුණ පිරිස් එකාවන්ව එක්ව මෙම නිර්මාණාත්මක කාර්යයට උරදීම.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 07:26

    Latest News