යාපනයේ දී සිනමාවට තවත් ඇගයීමක්..

සැප් 15, 2019

    යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල යාපනය කාගීල්ස් ස්කයා සිනෙප්ලෙක්ස් ශාලාවේදී පස්වැනි වරටත් පසුගියදා පැවැත්විණ.

    සැප්තැම්බර් 3 වැනිදා ඇරඹි උළෙල අවසන් වූයේ, පසුගිය 9 වැනිදායි. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව හා සිලෝන් තියටර් සමාගම මෙය සංවිධාන කර තිබිණ. මෙවර රටවල් 22ක් එක්වීම විශේෂත්වයක්. චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපට ඇතුළු නිර්මාණ 70කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් කර තිබිණ.

    හොඳම ප්‍රථම චිත්‍රපටය, ජනප්‍රිය කෙටි චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය මෙහිදී ඇගයීමට ලක්කළ අතර, හොඳම ජාතික කෙටි චිත්‍රපටයට හිමි සම්මානය “භවනිධා ලෝගනාතන්“ නිර්මාණය කළ “ජෙනරේෂන්“ කෙටි චිත්‍රපටයට හිමිවිය. ජිවිතයේ එක් වතාවක් හිමිවන සම්මානය මෙවර හිමිවූයේ, ඉන්දියාවේ වී.කේ. ජෝසප්ට සහ ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චිටයි. එංගලන්තයේ හෙලන් බ්ලැක්මන්, අශෝක හඳගම සහ රොබට් කෘෘස් ජූරි මණ්ඩලයේ කටයුතු කරමින් දෙස්-විදෙස් චිත්‍රපට විනිශ්චයට එක්වූහ.

     

     

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 07:39

    Latest News