නාට්‍ය කලාවේදී, සිනමාවේදී සෝමලතා සුබසිංහ නොසලකා හරින්න බෑ....

සැප් 15, 2019

    රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය විසින් රචිත “සෝමලතා සුබසිංහ රංග කලා කාර්ය සාධනය“ නම් ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණ.

    චිත්‍රපට රංගන ශිල්පිනියක් ලෙස ද වේදිකා නාට්‍ය රචිකාවක හා අධ්‍යක්‍ෂවරියක ලෙස ද, ගුරුවරියක ලෙස ද, ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දීමට ඇය කළ මෙහෙවර අතිමහත්ය. ඇයගේ කලා ජිවිතය සමස්තයක් ලෙස ගෙන අධ්‍යයනය කරන කෘතියක් ලෙස මෙය රචනා කර තිබේ.

    නාට්‍ය කලාව හා සිනමාව සම්බන්ධයෙන් ඇය කළ දායකත්වය පමණක් නොව නාට්‍ය කලාව සහ අධ්‍යාපනය අතර අන්තර් සම්බන්ධය අධ්‍යයනය කරන කෙනෙකුට ද සෝමලතා සුබසිංහ නොසලකා සිටින්නට බැහැ. නූතන ලෝකයේ පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය සුඛනම්‍ය විඥානය ළමයින් තුළ වර්ධනය කිරීමට ඇයගේ ළමා නාට්‍ය කලාව හා ළමයින් සමඟ කළ අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් හේතුවිය.

    එම ජිවිතය විවරණය කරන කෘතියේ පළමු පිටපත සෝමලතා සුබසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ලයනල් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්විය. නාමෙල් වීරමුණි, ලලිතා සරත්චන්ද්‍ර, මහාචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු පරම්පරා කිහිපයක කලාකරුවන් හා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 07:40

    Latest News