වියළි කෙසෙල් කොළෙන් රටා මවන තරුණ සිත්තරා... (විඩියෝ)

අගෝ 01, 2019
  • කෙසෙල් කොළ සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ කෑම එතීම වගේ කටයුතු සඳහායි...නමුත් වියළි කෙසෙල් කොළයක් අපි කුමක් සඳහාද භාවිත කරන්නේ යැයි ඇසුවහොත් ..ඇත්තටම මොකුත් නැහැ..

    එහෙත් ඉවතලන වියළි කෙසෙල් කොළයෙන් ස්වභාවික වර්ණ රටා සංයෝජනය කරමින් ත්‍රිමාණ රූප හා සමාන ඕනෑම රූපයක් චිත්‍රයකයට නැඟීම සඳහා යොදා ගන්නවා යැයි කීවොත් ඔබ මවිත වනු ඇති.

    කලාවේ හරි අපූර්ව තැනක් ලෙසත්,කලාව කෙතරම් ඉවසිලිවන්තව සිදු කළ යුතු ද යන්න එය මනාව පිළිඹිබු කරලීමට මෙම නිර්මාණයන් සමත් වනවා ඇති.
    සියුම් තැන් පවා ස්වභාවික වර්ණ රටාවන් ගෙන්ම සංයෝජනය කර පියවි ඇසට පෙනෙන රූපය හා සමාන රූපයන් තැනීමට මෙම නිර්මාණකරුවා සමත් වීම විශේෂත්වයක්..මිනිස් රූප පවා ඔහු චිත්‍රයට නගන්නේ වියළි කෙසෙල් කොළ වලින් පමණක්ම යැයි ඔහු කර ඇති නිර්මාණ දෙස බැලීමේ දී මනාව පිළිබිඹු වේ.

    'සායම් නැති මායම්' ලෙස ෆේස්බුක් පිටුවේ ඔහුව මිතුරු මිතුරියන් අතර ප්‍රසිද්ධයි.එහෙත් ඔහුගේ ඇත්ත නම වන්නේ චානක අනුරුද්ධයි. ඔහු නුවර කළාවියේ කෙළවරක පිහිටි දුෂ්කර ගම්මානයක් වන මාතලේ හන්දිය ප්‍රදේශයේ ජීවත් වන තවමත් වයස අවුරුදු 22ක් තරම් වූ වයසක පසුවන තරුණයෙක්.

    එහෙත් තරුණ සිතට විවිධ හැඟීම් පහළ වන අවධියක ඔහු තම නිර්මාණ කාර්ය සඳහා වෙනස්ම රටාවක් භාවිත කර තිබීම සුවිශේෂත්වයකි.අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ ඔහු මෙම කලාව හදාරන්නට පටන් ගෙන ඇත්තේ. මෙය කවුරුත් නොකරන කලාවක් නිසාත් මේ පිළිබඳ වැඩිදුර හදාරා එම කලාව පිළිබඳ ප්‍රගුණ කිරීමට චානක අනුරුද්ධ මේ වන විට උත්සාහ දරමින් සිටී.

    චානක මීට පෙර පෞද්ගලික අංශයේ රැකියා කිහිපයකම නිරත වී ඇති අතර මේ වන විට එම රැකියා වලින් ඉවත් වී තිබේ. එයට හේතුව විමසූ විට ඔහු පැවසුවේ එම රැකියා වල නිරත වූ කාලයේ දී වැඩි වැඩ ප්‍රමාණයක් කිරීම නිසා ඔහුට ආතතියක් තිබූ බවත් එම ආතතිය නැති කර ගැනීමට මෙම කෙසෙල් කොළ කලාවේ නිරත වූ බවත්ය. අද වන විට කෙසෙල් කොළ කලාවට වැඩි නැඹුරුවක් දැක් වූ නිසා රැකියාවන් අතහැර මෙම කෙසෙල් කොළ කලාවෙන් ලැබෙන ආත්ම තෘප්තියට වඩාත් ප්‍රියතාවක් දක්වන බවත් අද වන විට මෙම කලාව ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙමින් පවතින බව ඔහු පවසයි.

    මේ වන විට ඔහු චිත්‍ර විශාල ප්‍රමාණයක් සිතුවම් කර ඇති අතර මේ වන විට ඔහුගෙන් ෆේස්බුක් එක හරහා දන්නා අඳුනන අය මෙන්ම අවට අය ද පැමිණ ඔහු ලවා චිත්‍රයක් සිතුවම් කර ගන්නා අතර සමහරක් මුදල් ලබා දෙන බවත් ඔහු පවසයි. එසේ මුදල් ලබා දුන්නා නොදුන්නා කියා තරහක් නොමැති බවත් ආත්ම තෘප්තිය උදෙසා මෙම කටයුත්ත කරන බවයි, චානක පවසන්නේ.

                 එසේම ආර්ට් එක තියෙන මිනිහට සල්ලි නෑ.. සල්ලි තියෙන මිනිහට ආර්ට් එක නෑ.. චානක කියයි......

    ඔහු පවසන්නේ මෙම කෙසෙල් කොළ චිත්‍ර කලාව මෙන්ම රටේ පවතින කලාවන් නඟා සිටුවීමට රජය මැදිහත් විය යුතු බවයි. එම කලාකරුවන් රැක ගැනීම තුලින් රටේ අනාගත කලාව ඉදිරියට යන බවත් හැම කෙනෙකුම යම් කලාවක නිරත වනවා නම් තරුණ පරපුරේ පවතින ගැටුම් වගේම සංස්කෘතිය විනාශ වන හිතුවක්කාරී දේවල් සිදුවීම අවම වන බව ඔහුගේ අදහසයි.

    කෙසෙල් කොළ වැනි ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් කරන තවත් කලාවන් තිබේ.මේවාට වැඩි වියදමක් යන්නේ ද නැත. එවැනි නිර්මාණ අප රටට පැමිණෙන විදේශිකයන්ට අළෙවි කර හෝ නිර්මාණ රසවිඳීමට කැමති ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට අළෙවි කර හෝ මෙවැනි දිරියෙන් නැඟී සිටින කලාකරුවන්ට අත දීමට අදාළ මාර්ගෝපදේශකත්වය සැපයීම අප කාගෙත් යුතුකමකි. එය මතු පරපුරට කරනු ලබන ආයෝජනයකි....

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 10:05

    Latest News