පළමු පෙම්වතාට ජනතා සම්මාන

මාර් 20, 2024

    18 වන වරටත් පැවැත්වූ ස්ලිම් කැන්ටර් පීපල්ස් අවෝඩ් උළෙලේදී මෙවරත් ජනතා සම්මාන දෙකකින් පිදුම් ලබන්නට ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ සමත් වුනා.

    2000 වසරේ සිට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම හරහා වෘතීමය ගායකයෙක් වශයෙන් රටම හඳුනාගත් චාමර "සිතින් විතරක්" ගීත ඇල්බමයෙන් බාල, තරුණ, මහළු සියලු දෙනා අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.

    මේ වන ගීත සියයකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති චාමරගේ බොහෝ ගීත ඉතා හැඟුම් බර ගී පද හා තනු වලින් යුක්ත වීම නිසා රසික රසිකාවියන් එම ගීත සඳහා තදින් ඇලුම් කරනවා.

    පසුගිය මාස කිහිපයේ අසනීප තත්වය නිසා චාමර ප්‍රසංග වේදිකාවෙන් තාවකාලිකව ඈත්වී සිටියා. නැවතත් ඉක්මනින් ගීත ගයන බවට සිය සමාජ මාධ්‍ය හරහා චාමර සටහන් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

    ඔහුට ප්‍රිය කරන සුවහසක් රසික රසිකාවියන්ට එය සුබ ආරංචියක් වේවි.

    Latest News