අත්හිටවූ බස්නාහිර පළාත් පාසල් විභාග අද සිට

මාර් 06, 2024
    තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතයි.

    වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    විභාගය පැවැත්වීමට පෙර විද්යාව, ඉංග්රීසි සහ ගණිතය යන ප්රශ්න පත්ර සමාජ මාධ්ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
     
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
     
    කෙසේ වෙතත් නව ප්රශ්න පත්ර සකස් කිරීමෙන් අනතුරුව අද සිට අදාළ ශ්රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News