බිත්තරේටත් උපරිම සිල්ලර මිලක්

මාර් 06, 2024

    බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට් නිවේදනය පළ කිරීමට අදාළ මිල ගණන් ඇතුළත් යෝජනාව මේ සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින්.

    වෙළෙඳපොලේ බිත්තර මිල ගණන් ඉහළ යාම සම්බන්ධ සමාලෝචන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ පැවැත්වුණා.  ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. 

    බිත්තරයක් නිෂ්පාදනය කිරීම සදහා වන පිරිවැය රුපියල් 30 ක් පමණ වන බවත්, මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 5.8 ක් බවත්, දෛනික බිත්තර පරිභෝජන අවශ්‍යතාව බිත්තර මිලියන 7.5 ක් බවත් මෙහිදී අවධාරණය කෙරුණා. 

    දැනට මෙරට ලේයර් මව්සතුන් එක්ලක්ෂ තිස්දහසක් සිටින අතර, ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ අසූදහසක්. 

    අවශ්‍යතාවටත් වඩා මව් සතුන් සිටියදී පැටවුන් සහ බිත්තර නිෂ්පාදනය ඉහළ නොයාමට හේතුව සොයා බලන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා

    Latest News