ලෝක ආහාර දිනය අදයි

ඔක් 16, 2022

    ලෝක ආහාර දිනය සමරනු ලබන්නේ සෑම වසරකම ඔක්තෝබර් 16 යි.

    ඒ, 1945 වසරේදී එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම සිහිපත් කරමින් 1979 වසරේ සිටයි. එහි මෙවර තේමාව වී ඇත්තේ කිසිවෙකු අත නොහරිනු යන්නයි.කොරෝනා වසංගතය, යුධ ගැටුම් , යුක්රේන රුසියා අර්බුදය සමඟ ආහාර මිල ඉහළ යාම ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ මෙවර ලෝක ආහාර දිනය සමරනු ලබයි.

    ලොව පුරා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණපා ඇති සංඛ්‍යාව මිලියන 340 ඉක්මවන බවත් ලොව පුරා මිලියන 828ක ජනතාවක් සෑම රාත්‍රියකම කුසගින්නේ නින්දට යන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන්.

    Latest News