සංචාරක කටයුතු ප්‍රවර්ධනයට 'Miss International UK' ශ්‍රී ලංකාවට

මාර් 01, 2022

    එවැන්ජලින් ඇල්චමානර් (Evangeline Elchmanar) එක්සත් රාජධානියේ 'Miss International UK' කිරුළ දිනාගෙන තිබෙනවා. වසර 60ක ඉතිහාසයේ දුඹුරු පැහැයෙන් යුතු සම ඇති හා ආසියාතිකයෙකු ලෙස ප්‍රථමවරට එම කිරුළ දිනාගැනීමට ඇයට හැකිවීම විශේෂත්වයක්.

    ඇයගේ දෙමාපියන් ශ්‍රී ලාංකික සම්භවයකින් පැවත එන අතර පියා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. මව ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්ව සිටියා. ලබන ඔක්තෝබර් මාසයේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 'Miss International ලෝක තරගාවලියට යාමට ඇය සූදානම්. ඒ එක්සත් රාජධානිය නියෝජනය කරමින්.

    ශ්‍රී ලංකාවට මීට සති කිහිපයකට පෙර පැවති ඇය ලංකා සංචාරක මණ්ඩලය සමග එක්ව ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වුණා. එංගලන්ත හා පොදු රාජ මණ්ඩලීය සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට එමගින් අවස්ථාව උදාවන බවයි එවැන්ජලින් ඇල්චමානර් මෙනෙවිය පවසන්නේ.

    ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලාංකිකයින්ගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ බවත් ඇය ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

    මෙහිදී ආර්ථික වශයෙන් සවිමත් නොවන ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් සුභසාධන ව්‍යාපෘතියක් ද හඳුන්වාදෙනු ලැබුවා. එමගින්, අදාළ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා විනෝදාශ්වාද කටයුතු සඳහා උපකාර කිරීමට බලාපොරොත්තුවන බවයි ඇය ප්‍රකාශ කළේ.

    ඊට සමගාමීව 'ලස්සනයි' යනුවෙන් භාණ්ඩ ප්‍රවර්ධන වැඩසටහනක්ද හඳුන්වාදෙන බව එවැන්ජලින් ඇල්චමානර් මෙනෙවිය ප්‍රකාශ කළා. එමගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමයි.

    273032129 2792811744198544 5236010523790188999 n

    crop

    272839206 517493356365704 6774523107533130104 n 1

    272910512 4894836020594935 7786852105964204024 n

    image e19359dc13

    image 922520ddec

    image b070a5ef62

    Latest News