“භාගි ත්‍රී“ නිකුත් කොට පැය 24ක් තුළ රු. කෝටි 50කට ආසන්න ආදායමක්

මාර් 07, 2020

    බොලිවුඩ් තිරයේ සුපිරි ක්‍රියාදාම නළු ටයිගර් ශ්රොෆ් රඟපාන නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන “භාගි ත්‍රී“ නිකුත් කොට පැය 24ක් තුළ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් ඉපැයීමට සමත්ව තිබෙනවා.

    කොරෝනා ව්‍යාප්තිය තිබියදී, චිත්‍රපටයක් පළමු දිනයේ දී මෙතරම් ආදායමක් හිමිකර ගැනීම සුවිශේෂි තත්වයක් බවයි, සිනමා විචාරකයන් ප්‍රකාශ කරන්නේ. “භාගි“ නමැති ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ තුන්වැන්න ඊයේ සිට ප්‍රදර්ශනය කිරීම ඇරඹුණා. ඒ, ඉන්දියාවේ හෝලි උත්සව නිවාඩු සමය ඉලක්ක කර ගනිමින්. එය ඉන්දියාවේ සිනමාහල් 4,400ක හා ලොව පුරා විවිධ රටවල සිනමාහල් 1,100ක එකවිට ප්‍රදර්ශනය ඇරඹුණා. හුදෙක් ක්‍රියාදාම චිත්‍රපටයක් වන එය, සාමාන්‍ය සිනමා රසිකයන් අතර ජනප්‍රිය වන ලකුණු පෙන්නුම් කරන බවයි, ඉන්දීය මාධ්‍ය ඉදිරිපත් කළ සිනමා විචාරවල දැක්වෙන්නේ. එහි නිෂ්පාදන වියදම ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 135 ඉක්මවන බවයි, වාර්තා වන්නේ.

    Film px 900 07 03 20

    කෙසේ වෙතත්, ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරි දිනවලදී චිත්‍රපට උපයන ආදායම අඩුවෙතැයි අපේක්‍ෂා කරනවා. ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වන “ජේම්ස් බොන්ඩ්-ටයිම් ටු ඩයි“ හා “මිෂන් ඉම්පොසිබල්“ ප්‍රදර්ශනය තවත් මාස 7කින් පමණ කල් දැමීමට නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදන බලපෑමෙන් සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා.

    Latest News