ලෝ රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ වැනේසා ෆොන්සේ (විඩියෝ)

දෙසැ 09, 2018
  • මේ වසරේ ලෝක රූ රැජිණ තරගාවලියේ කිරුළ දිනා ගැනීමට මෙක්සිකානු ජාතික වැනේසා ෆොන්සේ සමත්වේ.

    මෙක්සිකානු ජාතිකයෙකු ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කියූ පළමු අවස්ථාව මෙයයි. වෙළෙඳ කටයුතු පිළිබඳ උපාධිධාරිණියක් වන වැනේසා ෆොන්සේ මානව හිමිකම් ක්‍රියාකාරිණියකි. 26 වැනි වියේ පසුවන ඇය 68 වැනි ලෝක රූ රැජිණයි.

    පසුගිය වසරේ ලෝක රූ රැජිණ වූ ඉන්දියානු ජාතික මනූෂි චිලා ඇයට කිරුළ පැළඳවූවාය. රූ රැජිණ තරගයේ දෙවැනි ස්ථානය තායිලන්ත තරගකාරිණියට හිමිවිය. චීනයේ හයිනාත් දූපතේ දී තරගය පැවැත්විණ. 117 දෙනෙක් ඊට සහභාගි වූහ.

    සියලු දෙනා බලාපොරොත්තු වී සිටි ඉන්දියානු තරගකාරිණියට අවසන් 12 දෙනා අතරටවත් සුදුසුකම් ලැබීමට නොහැකි විය.

    a76375f717298ebdf74883feeb83c66a

    Miss world4

     

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න.. Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 16:20

    Latest News