අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාව හා බංගලාදේශය ආශ්‍රිත ප්‍රදේශවල 84 දෙනෙකු මියගොස් තිබේ.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද (22) දිනයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ සහ බංගලාදේශයේ 15 දෙනෙක් මියගොස් තිබේ.

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවලට සහය ලබා දීම සඳහා අද (21) විශේෂ නාවික හමුදා යාත්‍රාවක් පිටත කිරීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පවතින කාලගුණ තත්වය මත දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නාය අවදානම් අනතුරු ඇගවීම් අද පස්වරු 2.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බටහිර මධ්‍යඹ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (15) දිනයේ දී මිලි මීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කර තිබේ.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හා දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News