icc

ප්‍රදේශ කිහිපයකට අදත් රාත්‍රියේ වැසි

අප්‍රේ 15, 2021

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මීට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ද අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

    Latest News