යුරෝපා කොමිසම විසින් 2020 මැයි 7 දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර ඇත.

ඔක්තෝම්බර් 26 දේශපාලන සිදුවීමත් සමග මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පෙන්වා දෙති.

Latest News