කවුඩුල්ල නරඹන්න විදේශීකයන් රැසක්

ජූලි 18, 2019

    කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියි.

    ඒ වන අලි නැරඹීම සඳහායි. මේ දිනවල වනඅලි 400ක පමණ රංචුවක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ දී දැක ගැනීමට හැකි බවයි, අප වාර්තාකරු පවසන්නේ. සවස් කාලයේ දී කවුඩුලු වැවට පැමිණෙන වනඅලි, නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට උදාවී තිබේ.

    මේ නිසා විශාල ආදායමක් ලැබෙන බවයි, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ බාරකරු ප්‍රදිප් කුමාර හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ. පාස්කු ප්‍රහාරයත් සමග බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාර, ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව, රජය පවසයි. රට තුළ පවතින සාමකාමී වාතාවරණය හා ආරක්ෂක තත්වය පිළිබඳව අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක කළ පුළුල් දැනුව්ත කිරීම ඊට හේතු වී ඇති බවයි, රජය පෙන්වා දෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 10:47

    Latest News