ශ්‍රී ලංකන් වෙතින් ගුවන් මගින් විශේෂ වට්ටම් සේවාවක්

ජූලි 19, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සේවය (www.srilankan.com) වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් යටතේ අලෙවි කෙරේ.

    මෙමඟින් ලොව පුරා ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත පියාසර කිරීමට අවස්ථාව උදා වනු ඇත. ඉදිරියේ දී පිරිමැසුම් පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ද 25% ක විශේෂ දීමනාවක් ලබාදීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්ට මෙම දීමනාව 2019 ජූලි මස 27 දා සිට 2020 ජූලි මස 15 තෙක් වලංගුවේ. ඔවුන්ට එම කාල සීමාව තුළ නිදහසේ ඕනෑම වේලාවක ගුවන් සංචාරයේ යෙදිය හැක. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිරිමැසුම් පන්තියේ විශේෂ දීමනාව දින 9 ක් පමණක් ක්‍රියාත්මක වේ. 20 වැනිදා සිට 28 තෙක් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට අවස්ථාව සැලසේ. පිරිමැසුම් පන්තියේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් ගුවන් මගීන්ට 2019 සැප්තැම්බර් 15 වැනිදා සිට 2020 ජූලි 15 වනදා දක්වා කාල සීමාව තුළ සිය සංචාරක කටයුතු සිදුකර ගත හැක.

    මෙම දීමනාව මගින් ලොව පුරා ආකර්ෂණීය ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවකට පියාසර කිරීමට අවස්ථාව සැලසේ. ඇතැම් ගමනාන්ත සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ප්‍රථමයෙන්ම ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්ට විශේෂ පහසුකම් සැලසේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම රටවල් 48 ගමනාන්ත 111 ක් වෙත ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

    Latest News