"බිස්නස් ටුඩේ ටොප් 30" ජනපති එක්වෙයි (ඡායාරූප)

නොවැ 13, 2018

    ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන "බිස්නස් ටුඩේ" 2018 ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) පස්වරුවේ කොළඹ ෂැන්ග‍්‍රිල්ලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් වූ අතර, හොඳම ව්‍යාපාරිකයන් ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    "බිස්නස් ටුඬේ ටොප් 30" නමින් නම් කර තිබූ මෙම සම්මාන උලෙළේ දී ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ 2017/2018 කාල පරිච්ජේදයේ දී විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් තිහක් ඇගයීමට ලක් කෙරිණි.

    දේශීය ආර්ථිකය මත විශ්වාස තබා රටේ අනාගතය උදෙසා අඛණ්ඩව සිය පෞද්ගලික ආයෝජනයන් සිදු කළ කීර්තිමත් පුද්ගලයන් ඇගැයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

    ශ‍්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කරමින් රාජ්‍ය ප‍්‍රධානින්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උලෙළ "බිස්නස් ටුඩේ" සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ රැසක් මීට එක්ව සිටියහ.

    46089015 10156556254191327 4835503833738117120 n

    46092889 10156556254286327 910054817848623104 n

    46110060 10156556254216327 7775876197342248960 n

    46077515 10156556254396327 1120760849623941120 n

    46024667 10156556254266327 1954383022178435072 n

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 12:52

    Latest News