සහන මිලකට ප්‍රමිතියෙන් ඉහළ ලිහිසි තෙල් නිෂ්පාදය අරඹයි

ජූනි 09, 2019

    මුතුරාජවෙල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා සංකීර්ණයේ ඉදි කෙරුණු ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය ලබන 24 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

    නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගියදා එම යන්ත්‍රාගාරය නිරීක්‍ෂණය කළාය. මෙරටට අවශ්‍ය ලිහිසි තෙල් විදේශයන්ගෙන් ආනයන කෙරුණු අතර මෙම යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ සහනදායි මිලකට ප්‍රමිතියෙන් ඉහළ ලිහිසි තෙල් ලබාදිය හැකිවේ. විදේශීය වෙළෙඳ පොළට ද ඒවා අපනයනය කිරීමට අපේක්‍ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

    oilanomai px 900 19 06 09

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 12:44

    Latest News